පිල්ලෙයාන් (සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්) යනු මෙරට ත්‍රස්තවාදය අවසන් කිරීමට දායක වූ අයෙකු බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ද තහවුරු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු යහපාලන ආණ්ඩුව සමයේ දේශපාලන සිරකරුවෙකු ලෙස රඳවා සිටි අයෙකු බවත්, එවැනි පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීමට තමන් දෙවරක් සිතන්නේ නැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළා.
හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ, මෙම අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ අවශ්‍යතාවක් මත සිදුවූවක් ද නැතහොත් ඩයස්පෝරාවේ අවශ්‍යතාවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳව ජනතාවට පැහැදිලි තක්සේරුවක් පවතින බවයි.














