ගෝලීය ආර්ථික අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ වුවද, ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පවසයි. ලෝක ප්‍රකට ‘බ්ලූම්බර්ග්’ (Bloomberg) වෙබ් අඩවිය ද ඒ පිළිබඳව තහවුරු කර තිබියදී, මෙරට විපක්ෂය කටයුතු කරන්නේ රට ආර්ථික වශයෙන් කඩාවැටෙන තුරු බලා සිටින ආකාරයෙන් බව ද පනාගොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














