පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව නිම කළ නිලධාරිනියන් 275 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) කොළඹ ජාතික රෝහලේදී පැවැත්විණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ අංශය සහ කළුතර ජාතික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය එක්ව දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන 11කදී මෙම පුහුණුව ක්‍රියාත්මක කරන ලදී.
මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක්වීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ දායකත්වය ප්‍රධාන හේතුවක් වූ බවයි. මාතෘ හා ළමා සෞඛ්‍යය, බෝනොවන රෝග පාලනය සහ ඉදිරියේදී ස්ථාපිත කෙරෙන ‘ආරෝග්‍යා’ සුවතා මධ්‍යස්ථාන හරහා මෙම නිලධාරිනියන්ට පැවරී ඇති වගකීම විශාල බව ඔහු පෙන්වා දුන්නේය.
















