දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර එම නිවේදනය හෙට (27) පස්වරු 4.00 දක්වා බලාත්මක වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව පවතින අවදානම් තත්ත්වය පහත පරිදි වේ.
2 වන මට්ටමේ (ඇම්බර් වර්ණය) අනතුරු ඇඟවීම් සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇහැලියගොඩ, රත්නපුර සහ කුරුවිට යන ප්‍රදේශ අයත් වේ.
1 වන මට්ටමේ (කහ වර්ණය) පූර්ව අනතුරු ඇඟවීම් සඳහා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ බුලත්සිංහල, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට, දෙහිඕවිට, රුවන්වැල්ල සහ බුලත්කොහුපිටිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, නිවිතිගල, පැල්මඩුල්ල, කිරිඇල්ල සහ කලවාන යන ප්‍රදේශ අයත් වේ.
අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව ආරක්ෂිත පියවර අනුගමනය කරමින් නායයාම් ලක්ෂණ පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දෙයි.
















