ලබන 29 වැනි සිකුරාදා දින පැවැත්වීමට නියමිතව තිබූ පොලිස්පති මහජන සහන දිනය එදිනට නොපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සෑම සතියකම සිකුරාදා දිනයන්හිදී කොළඹ පිහිටි පොලිස් මූලස්ථානයේදී මෙම මහජන සහන දිනය සාමාන්‍ය පරිදි පැවැත්වෙන නමුත්, මෙවර අදාළ දිනය වෙසක් සතිය තුළ යෙදී තිබීම හේතුවෙන් එය නොපැවැත්වීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ. ඒ අනුව එදිනට පොලිස්පතිවරයා හමුවී සහන සේවා ලබාගැනීමට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටී.














