මඩකළපුව, කාත්තන්කුඩි නගරයේ පිහිටි වෙළෙඳසැලක අද (26) රාත්‍රී කාලයේදී හදිසි ගින්නක් හටගෙන තිබේ.
අද පස්වරු 7:20ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, ඉන් වෙළෙඳසැල තුළ තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා විදුලි උපකරණ රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ. ගින්න සැලවීමත් සමඟ එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 2ක් කඩිනමින් එම ස්ථානයට ළඟා වී ඇති අතර, ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ එක්ව ගින්න පාලනය කිරීමට පියවර ගෙන ඇත. ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කාත්තන්කුඩි පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.













