දුම්කොළ භාවිතය හේතුවෙන් ලොව පුරා වාර්ෂිකව මිලියන 8ක පිරිසක් මිය යන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි. ශ්‍රී ලංකාව තුළ ‘දුම්කොළවලින් තොර පරම්පරාව’ යන සංකල්පය හඳුන්වා දීමේ අරමුණින්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි. දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, දුම්කොළ මධ්‍යසාර සහ නීති විරෝධී ඖෂධ පිළිබඳ විශේෂඥ කමිටුව සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.














