2026 රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් අද (27) සිට ජූනි මස 2 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ඇති සත්ව ඝාතකාගාර, මස් මාංශ අලෙවි සැල්, රේස් බුකි, කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලා වසා තැබීමට රජය තීරණය කර ඇත.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ මැයි මස 30, 31 සහ ජූනි 01 යන දිනයන්හිදී දිවයිනේ සියලුම මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මස් මාංශ අලෙවිය සම්පූර්ණයෙන්ම නැවැත්වීමටත් පියවර ගන්නා ලෙසයි. වෙසක් සතිය තුළ පොදු සමාජ විනය සහ ආගමික පසුබිම සුරැකීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන තිබේ.














