දේශයේ නිදහස වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් අහිමි වූ ජීවිත සිහිපත් කරමින් ඔවුන්ට උපහාරයක් ලෙසත්, පාරිසරික හානිය යළි ප්‍රතිස්ථාපනය කිරීම සඳහාත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘හුස්මෙන් හුස්මක් – විරු තුරු සෙවණ’ රුක් රෝපණ වැඩසටහනේ දෙවන අදියර පසුගියදා (27) පනාගොඩ යුද්ධ හමුදා රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
‘Clean Sri Lanka’ ජාතික මෙහෙවරෙහි අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් දිවයින පුරා දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මැයි 22 වැනිදා සිට ජුනි 04 වැනිදා දක්වා මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වේ. පනාගොඩදී පැවති මෙම දෙවන අදියර සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, මියගිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ළඟම ඥාතීන් වන එල්. කොබ්බෑකඩුව මහත්මිය සහ ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
















