කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබී ඇති අධික වර්ෂාපතනය සහ කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට මෙම තත්ත්වය බලපෑ හැකි අතර, එම පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් ද පවතී.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාව සහ එම මාර්ග භාවිත කරන රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින අතර, අදාළ ආපදා කළමනාකරණ අංශ වෙතද අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.
















