අද (29) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයේ විනිමය අනුපාතිකයන්හි සුළු වෙනස්කම් දක්නට ලැබුණි. බොහෝ බැංකු තුළ ඩොලරයක විකුණුම් මිල රුපියල් 330 සහ 335 අතර පරාසයක පවතී.
අද දින බැංකු කිහිපයක ඩොලරයේ විනිමය අනුපාතික පහත පරිදි වේ:
සෙලාන් බැංකුවේ ගැනුම් මිල රු. 321.75ක් සහ විකුණුම් මිල රු. 335.50ක් ලෙස නොවෙනස්ව පවතී. එන්.ඩී.බී. (NDB) බැංකුවේ ගැනුම් මිල රු. 323.50ක් දක්වාත්, විකුණුම් මිල රු. 332.50ක් දක්වාත් සුළු පහළ යාමක් පෙන්නුම් කරයි. මහජන බැංකුවේ ගැනුම් මිල රු. 324.53ක් දක්වාත්, විකුණුම් මිල රු. 333.72ක් දක්වාත් ඉහළ ගොස් ඇත. කොමර්ෂල් බැංකුවේ ගැනුම් මිල රු. 322.48ක් සහ විකුණුම් මිල රු. 334.50ක් ලෙස ඉහළ ගොස් ඇත. සම්පත් බැංකුවේ ගැනුම් මිල රු. 324.50ක් සහ විකුණුම් මිල රු. 333.50ක් ලෙස පෙර පැවති අගයන්හිම පවතී.
















