දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ප්‍රදේශ නැවත ගොඩනැඟීම සඳහා ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 450ක විස්තීර්ණ පුනරුත්ථාපන සහ ප්‍රතිසාධන පැකේජය යටතේ ක්‍රියාත්මක වන විවිධ මුලපිරීම්වල ප්‍රගතිය සමාලෝචනය කර තිබේ.
මෙම ප්‍රගති සමාලෝචනය සිදු කෙරුණේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ කම්කරු අමාත්‍ය සහ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර පැවැති විශේෂ හමුවකදීය.















