උතුම් බුද්ධ ශාසනයේ උත්තරීතර මංගල්‍යය වන වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සුබපැතුම් පණිවුඩය එක් කර තිබේ.
බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහි කරමින් ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව අති උත්කර්ෂවත් ලෙස සමරනු ලබන වෙසක් උත්සවයේ අසිරිය සහ බොදු සංස්කෘතික වටිනාකම් මෙම පණිවුඩය මගින් මන්ත්‍රීවරයා සිහිපත් කරයි.
















