මියන්මාර් හමුදා පාලකයා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම විදේශ සංචාරය සඳහා හෙට (31) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. දින පහක නිල සංචාරයක නිරත වන හෙතෙම, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියන්මාරයේ හමුදා පාලනයෙන් පසු පත් වූ සිවිල් ජනාධිපතිවරයෙකු ලෙස ඔහුගේ මෙම සංචාරය දේශපාලන විචාරකයින් හඳුන්වන්නේ කලාපීය වශයෙන් යළි පිළිගැනීමක් ලබාගැනීමේ උත්සාහයක් ලෙසය. ඉන්දියාව මෙම සංචාරය හරහා චීනය සතු කලාපීය බලපෑම සමතුලිත කර ගැනීමටත්, මියන්මාරයේ පවතින දුර්ලභ පෘථිවි ඛනිජ සම්පත් (rare earth) වෙත ප්‍රවේශයක් ලබා ගැනීමටත් අපේක්ෂා කරන බව විචාරකයින් පෙන්වා දෙයි.
















