ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඔහුගේ හෘද, පෙනහළු, ස්නායු සහ සමස්ත ශාරීරික ක්‍රියාකාරීත්වය ඉතා ශක්තිමත් මට්ටමක පවතින බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මෙම සතියේ සිදුකරන ලද වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව මෙම කරුණු තහවුරු වී ඇති අතර, පසුගිය අඟහරුවාදා වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේදී තමන් සිදුකළ පරීක්ෂණ සියල්ල සාර්ථක වූ බව ජනාධිපතිවරයා පවසා තිබේ.
















