සම්බුදු තෙමඟුල සමරමින් සමස්ත ලංකාවම මේ වන විට මහත් බැතියෙන් යුතුව වෙසක් උත්සවයට සූදානම් වෙමින් පවතී. කොළඹ නගරයේ පමණක් වෙසක් තොරණ 20කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරෙන අතර, දිවයින පුරා දන්සල් 15,000කට අධික සංඛ්‍යාවක් සංවිධානය කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ අද (30) සිට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ. කොටුව, කොම්පඤ්ඤවීදිය, අරලියගහ මන්දිරය අවට, බොරැල්ල බේස්ලයින් පාර, බෞද්ධාලෝක මාවත සහ ගාලුමුවදොර ඇතුළු වෙසක් කලාප සහ තොරණ පිහිටි ස්ථාන ආශ්‍රිත මාර්ගවල මෙම සැලැස්ම ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මීට අමතරව ජනතාවගේ ගමනාගමන පහසුව සඳහා විශේෂ දුම්රිය ගමන්වාර සහ අතිරේක බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ. බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
















