මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලට සහ මහජනතාවට දැඩි බියක් සහ අනතුරක් වන පරිදි ත්‍රී රෝද රථයක් නොසැලකිලිමත් ලෙස ධාවනය කළ තරුණයන් හයදෙනෙකු කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස කඳාන, බටගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ත් 22ත් අතර පසුවන තරුණයන් වේ. මොවුන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී රියදුරු බලපත්‍ර නොමැතිව රිය ධාවනය කර ඇති බවත්, රාගම අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් සියලුදෙනාම විෂ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවත් තහවුරු වී ඇත. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
















