දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වූ පුත්තලම දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ ඉස්සන් වගාකරුවන් සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි.
සුළි කුණාටුවෙන් ඉස්සන් කර්මාන්තයට එල්ල වූ බලපෑම් හමුවේ වඩාත්ම පීඩාවට පත් වූ සුළු පරිමාණ වගාකරුවන් 316 දෙනෙකු සඳහා මෙම වන්දි මුදල් පිරිනැමීම සිදු විය. අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 125ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබුණි.
2025 වසරේ අගභාගයේ ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රට පුරා දිස්ත්‍රික්ක 25ක් ආවරණය වන පරිදි දැඩි ගංවතුර සහ නායයෑම් තත්ත්වයන් වාර්තා වූ අතර, කෘෂිකාර්මික හා මත්ස්‍ය කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර රැසකට විශාල ආර්ථික හානියක් සිදු විය. රජය විසින් මේ වන විට අදාළ හානි තක්සේරු කිරීම් මත පදනම්ව විපතට පත් පාර්ශ්වයන් සඳහා ප්‍රතිසාධන සහන සේවා ක්‍රියාත්මක කරමින් සිටී.
















