ජාතික විදුලිබල පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්රදේශ රැසක විසන්ධි කර තිබූ විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම පවසයි.
අද (30) පද්ධතියේ ඇතිවූ මෙම බාධා කිරීම නිසා කොළඹ ඇතුළු ප්රදේශ 100කට පමණ විදුලි සැපයුම විසන්ධි කිරීමට සිදුවිය. වෙසක් පොහොය දිනය සහ පවතින දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් විදුලි ඉල්ලුමේ සිදුවූ හදිසි අඩුවීම මෙම පද්ධති අසමතුලිතතාවයට ප්රධාන හේතුව වී ඇති බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
















