මහවැලි ගඟට ජලය ගලා බසින හැටන් ඔයට කුකුල් මස් අපද්‍රව්‍ය මුදාහැරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (29) රාත්‍රී කාලයේදී මෙම වැටලීම සිදුකර තිබේ. සැකකරුවන් විසින් කුඩා ලොරි රථයකින් මෙම අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී, රාත්‍රී මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ අවධානයට ලක්වී ඇත. ඒ අනුව, සැකකරුවන් සහ ඔවුන් සතුව තිබූ ලොරි රථය පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව හැටන් පොලිසියේ පරිසර ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.
















