ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ගිලිහී යාමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කුමාර් සංගක්කාර, කණ්ඩායම වෙනුවෙන් මිලදී ගත් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව සිය දැඩි කලකිරීම පළ කළේය.
මෙවර තරගාවලියට පෙර ආබාධයකට ලක්ව ඇති බව පවසමින් සෑම් කරන් තරගාවලියට සහභාගී නොවන බව දන්වා සිටි අතර, ඔහුගේ හිස්තැන පිරවීම සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකව කණ්ඩායමට එක්කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කළමනාකාරීත්වය කටයුතු කළේය.
කෙසේ වෙතත්, සෑම් කරන් සරේ කණ්ඩායම වෙනුවෙන් මේ වන විට තරග කිහිපයකට ක්‍රීඩා කරනු තමන් දුටු බව පවසමින් සංගක්කාර තම අදහස් දැක්වීය. ඔහු පවසා සිටියේ සෑම් කරන් තමන්ට ආබාධයක් ඇති බව පැවසුවද, පසුව සරේ වෙනුවෙන් ක්‍රීඩා කිරීම බලාපොරොත්තු සුන් කරවන සුළු සිදුවීමක් බවයි. රාජස්ථාන් කණ්ඩායම ඔහු සේවය ලබා ගැනීමට බෙහෙවින් බලාපොරොත්තු වූ බවත් නමුත් අවසානයේ දසුන් ශානක ආදේශකයක් ලෙස කණ්ඩායමට එක්කර ගැනීමට සිදුවූ බවත් සංගක්කාර වැඩිදුරටත් සඳහන් කළේය.















