වෙසක් උත්සවයට සමගාමීව නුගේගොඩ සිරිධම්මාරාම විහාරස්ථානයේ පෙරහැර හේතුවෙන් මිරිහාන පොලිස් වසම තුළ අද (මැයි 31) රාත්‍රී 7:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
රාත්‍රී 7:00 සිට රාත්‍රී 10:00 දක්වා හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන් පාලම අසල සිට ගම්සභා හන්දිය දක්වා කොළඹින් පිටවීමට සහ කොළඹට ඇතුළු වීමට එක් මන්තීරුවක් පමණක් විවෘතව පවතී.
රාත්‍රී 8:00 සිට රාත්‍රී 11:00 දක්වා ගම්සභා හන්දියේ සිට කට්ටිය හන්දිය දක්වා මාර්ගය තාවකාලිකව වසා දමනු ලැබේ.
රාත්‍රී 8:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා පරණ කැස්බෑව මාර්ගයේ නුගේගොඩ නාවල වටරවුම සිට දෙල්කඳ හන්දිය දක්වා මාර්ග කොටස තාවකාලිකව වසා දැමෙනු ඇත.
















