ව්යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්රයක් ලබාගැනීම සහ වලංගු වීසා බලපත්ර නොමැතිව මෙරට රැඳී සිටීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 17 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද (20) නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයට එරෙහිව චෝදනා හතක් ගොනු කර ඇති අතර, ඉන් චෝදනා දෙකකට අදාළ නඩු අද අධිකරණය හමුවේ කැඳවනු ලැබීය. එම නඩු දෙකේ වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නොවැම්බර් 17 සහ දෙසැම්බර් 1 යන දින නියම කර තිබේ.
2014 වසරේදී විදේශ ගමන් බලපත්රයක් ලබාගැනීම සඳහා ආගමන විගමන පාලකවරයා වෙත අසත්ය තොරතුරු ඉදිරිපත් කළ බවට සහ විවිධ කාලසීමාවන් තුළ වලංගු වීසා බලපත්ර නොමැතිව මෙරට රැඳී සිටි බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
නඩු භාණ්ඩයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ ඇයගේ රාජ්ය තාන්ත්රික ගමන් බලපත්රය අධිකරණ සේප්පුවේ තැබීමට ද මීට පෙර නියෝග කර තිබුණි.
ඇප මත සිටින ඩයනා ගමගේ මහත්මිය අද අධිකරණය හමුවේ පෙනී සිටියාය.














