ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ පිහිටි “නිපොන් ඩයිනවේව් පැකේජින්” (Nippon Dynawave Packaging) කඩදාසි සහ පල්ප් කම්හලේ රසායනික ටැංකියක් පුපුරා යාමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයින් නව දෙනාගේ සිරුරු සොයා ගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇත.
අඟහරුවාදා දින මෙම කම්හලේ කඩදාසි පල්ප් නිෂ්පාදනය සඳහා භාවිතා කරන “වයිට් ලිකර්” (white liquor) නම් රසායනික ද්‍රාවණයක් අඩංගු ටැංකියක් පුපුරා යාමෙන් මුලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් සිටියදී හමුවිය.
සතිය පුරා සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ගලවා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් අතරින් සිරුරු සොයා ගැනීමට සහ ඩ්‍රෝන යානා භාවිතයෙන් එම ස්ථානය පරීක්ෂා කිරීමට කටයුතු කළ බව කව්ලිට්ස් 2 ගිනි නිවන සහ ගලවා ගැනීමේ සේවයේ නියෝජ්‍ය ප්‍රධානී කර්ට් ස්ටිච් පවසයි.පුපුරා ගිය ටැංකියේ “වයිට් ලිකර්” ගැලුම් 900,000ක් (ලීටර් මිලියන 3.4ක්) පමණ අඩංගු වී තිබූ අතර, එම රසායනික ද්‍රව්‍ය අසල ඇති කොලොම්බියා ගංගාවට කාන්දු වී ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇත.කෙසේ වෙතත්, නගරයේ පානීය ජලයට හෝ වාතයේ ගුණාත්මකභාවයට එමගින් අහිතකර බලපෑමක් සිදුවී නොමැති බව බලධාරීන් සඳහන් කරයි.
















