පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ස්වාමින් වහන්සේලාගේ අධ්‍යාපනික සහ මූලික පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.මෙම වැඩසටහන් හරහා පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමින් වහන්සේලා සඳහා ධාරිතා පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. විශේෂයෙන්ම, පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සිටියදී විවිධ දුෂ්කරතා මධ්‍යයේ මූලික පහසුකම් සපුරා ගැනීමට අපහසු ස්වාමින් වහන්සේලා හඳුනාගෙන, ඔවුන් වෙනුවෙන් ප්‍රදේශයේ සිටින සම්පත් දායකයින්ගේ සහාය ලබාගනිමින් අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත.














