බහුමාන දරිද්‍රතාව තුරන් කර නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන ප්‍රජා ශක්ති ‘ගම් දහසක් – වැඩ දහසක්’ ජාතික වැඩපිළිවෙළ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 50ක් ආරම්භ කිරීමේ කටයුතු ඊයේ (02) පෙරවරුවේ ආරම්භ කෙරිණි. බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ම ආවරණය වන පරිදි රුපියල් මිලියන 1008.72ක දැවැන්ත ආයෝජනයකින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
මීට සමගාමීව, බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හින්නාරංගොල්ල ග්‍රාම නිලධාරී වසමේ මුතුමාල අංක 12 හන්දියේ සිට සපුගහකුඹුර දක්වා දිවෙන අඩි 8ක් පළලැති කෘෂි මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මේ සඳහා රුපියල් ලක්ෂ 15ක මුදලක් වැය කිරීමට නියමිතය.
ග්‍රාමීය ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ජීවන උපායමාර්ග නංවාලීම වෙනුවෙන් යටිතල පහසුකම් සැපයීම මෙම ව්‍යාපෘති මඟින් ඍජුවම සිදු කෙරේ. මෙම අවස්ථාවට බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ, බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පාලිත ජයවර්ධන, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම සහ ප්‍රාදේශීය ලේකම් තුෂාරි අනුරාධා යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.















