පසුගිය මාස කිහිපය පුරා ශ්‍රී ලංකාවේ රන් මිලෙහි සුළු උච්චාවචනයන් දක්නට ලැබුණු අතර, ඊයේ දිනට සාපේක්ෂව අද (ජූනි 05) රන් මිලෙහි යම් අඩුවීමක් වාර්තා වේ.
සමස්ත ශ්‍රී ලංකා ස්වර්ණාභරණකරුවන්ගේ සංගමය පවසන පරිදි, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 1,000කින් පහළ ගොස් ඇත. ඒ අනුව අද දින වෙළෙඳපොළේ පවතින රන් මිල ගණන් පහත දැක්වේ.
කැරට් 24 රන් පවුමක් රුපියල් 386,000ක මිලකට අලෙවි වේ.
කැරට් 22 රන් පවුමක් රුපියල් 355,200ක මිලකට අලෙවි වේ.
















