ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ධීවර කර්මාන්තයේ නිරතව සිටි ලාංකික ධීවරයන් පිරිසක් දරුණු මෝර ප්‍රහාරයකට ලක්ව තිබේ. මෙම ප්‍රහාරයෙන් එක් ධීවරයෙකු බරපතල තුවාල ලබා ඇති අතර, තවත් ධීවරයෙකු මුහුදට වැටී අතුරුදහන් වී ඇති බව අදාළ ධීවර යාත්‍රාවේ හිමිකරු තහවුරු කරයි.
මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මුහුදට වැටී අතුරුදහන් වී ඇත්තේ මහවැව ප්‍රදේශයේ පදිංචි මනෝජ් දිල්රුවන් පීටර්සන් නම් 26 හැවිරිදි විවාහක තරුණයෙකි.
අතුරුදහන් වූ ධීවරයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, බරපතල තුවාල ලැබූ අනෙක් ධීවරයා සම්බන්ධයෙන් සහ සිද්ධියට මුහුණ දුන් සෙසු පිරිස පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
















