හෝටල් ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තිකයෙකු වීමට අපේක්ෂාවෙන් සිටින වයස අවුරුදු 18ත් 28ත් අතර තරුණ තරුණියන් සඳහා ජාතික යොවුන් සේනාංකය (National Youth Corps) මඟින් පවත්වාගෙන යනු ලබන හෝටල් පුහුණු පාසල් වෙත නවක සිසුන් බඳවාගැනීම මේ දිනවල ක්‍රියාත්මක වේ. ඒ අනුව 2026 ජූලි 01 වැනිදා ආරම්භ වීමට නියමිත ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකලාභී නව පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර ඇත. අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට ගණිතය සහ ඉංග්‍රීසි විෂයයන් සමත් ඕනෑම අයෙකුට මේ සඳහා අයදුම් කළ හැකිය.
මෙම පුහුණු පාඨමාලා දඹුල්ල, කතරගම සහ දිගම්පතහ යන හෝටල් පුහුණු පාසල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. දඹුල්ල හෝටල් පුහුණු පාසල මඟින් හෝටල් ගෘහපාලනය (NVQ 3), සහකාර බංගලාභාරකරු (NVQ 3), පිළිගැනීමේ අංශය (NVQ 4), ආහාරපාන සේවා සහයක (NVQ 4), වෘත්තීය සූපවේදය (NVQ 4), සහ පේස්ට්‍රි සහ බේකරි (NVQ 4) යන මාස 3 සහ 6 ක කාලයකින් යුත් පාඨමාලා ක්‍රියාත්මක කෙරේ. එසේම, කතරගම සහ දිගම්පතහ හෝටල් පුහුණු පාසල් මඟින් මාස 3ක හෝටල් ගෘහපාලනය (NVQ 3) පාඨමාලාව හැදෑරීමට අවස්ථාව සලසා දී ඇත.
පුහුණුව ලබන කාලය තුළ සිසුන් සඳහා ආහාරපාන, නවාතැන් පහසුකම්, ජාතික යොවුන් සේනාංක නිල ඇඳුම් සහ විශේෂ රක්ෂණාවරණයක් නොමිලේ හිමි වීම සුවිශේෂීත්වයකි. මෙහි පහසුකම් හා සේවා ගාස්තු ලෙස ජාතික යොවුන් සේනාංක අයදුම්කරුවන් සඳහා මාසිකව රු. 6,000/- ක් ද, බාහිර අයදුම්කරුවන් සඳහා රු. 10,000/- ක් ද පමණක් අය කෙරේ.
මේ සඳහා වන සම්මුඛ පරීක්ෂණ ජුනි 03, 04, 05 සහ 09, 10 යන දිනවල පැවැත්වීමට නියමිතය. මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ ලියාපදිංචි වීම සඳහා ජාතික යොවුන් සේනාංකයේ නිල වෙබ් අඩවිය වන www.youthcorps.lk
වෙත පිවිසීමෙන් හෝ https://forms.gle/6f7LPctKQE92NijK9
යන මාර්ගගත සබැඳිය හරහා අයදුම් කළ හැක. වැඩිදුර තොරතුරු සඳහා දඹුල්ල (066-2286177), කතරගම (071-5434322) සහ දිගම්පතහ (066-2225779) යන දුරකථන අංක ඇමතීමට හැකියාව ඇත.
















