කල්පිටිය, කන්දකුලිය ඊච්චන්කාඩුව කලපු ප්‍රදේශයේ අද (06) ශ්‍රී ලංකා නාවික හමුදාවේ “විජය” කඳවුරේ කිමිදුම්කරුවන් කණ්ඩායමක් විසින් දියත් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කළපු පතුලේ තිබී පිස්තෝල සහ ටී-56 රයිෆල් උණ්ඩ 40ක් සොයාගෙන ඇති බව කල්පිටිය පොලිසිය පවසයි.
පසුගිය ජූනි 02 වැනිදා ද මෙම කළපු ප්‍රදේශයේ මට්ටි ඇල්ලීමේ නිරතව සිටි ධීවරයින් පිරිසකට මෙවැනිම සජීවී උණ්ඩ 53ක් හමුවී තිබූ බව කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි. එදිරිසූරිය මහතා ප්‍රකාශ කළේය. එම තොරතුරට අනුව කළපු පතුලේ තවත් පතොරම් පවතීදැයි සෙවීමට නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවා අද දින මෙම විශේෂ මෙහෙයුම දියත් කර තිබේ.
ඒ අනුව මේ වන විට එම කළපු ප්‍රදේශයෙන් හමුවී ඇති මුළු උණ්ඩ සංඛ්‍යාව 93කි. සොයාගත් උණ්ඩ තොගය ඉදිරි නීතිමය පියවර සඳහා වාර්තාවක් මඟින් පුත්තලම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
















