ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී වෘත්තිකයන්ගේ මීළඟ පරපුර හැඩගැස්වීමේ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සලකුණු කරමින්, Mogo Media Academy හි සමාරම්භක ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පසුගිය ජූනි 4 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH)දී අභිමානවත් ලෙස පැවැත්විණි.
මෙම උත්සවයේදී ඇකඩමියේ පළමු සහ දෙවන ශිෂ්‍ය කණ්ඩායම්වල සමස්ත සිසුන් 115 දෙනෙකු සහතික පත්‍ර ප්‍රදානය ලැබූහ. සජීවීකරණය, පරිගණක ක්‍රීඩා නිර්මාණය, සංකල්ප රූප කලාව සහ දෘශ්‍ය ප්‍රයෝග යන ක්ෂේත්‍ර ඔස්සේ ඩිප්ලෝමා පාඨමාලා සාර්ථකව නිම කළ සිසුන් 73 දෙනෙකු සහ ගුවන්විදුලි නිවේදනය පිළිබඳ වෘත්තීය පුහුණු සහතික පත්‍ර පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන් 42 දෙනෙකු මෙහිදී සිය සහතික ලබා ගත්හ.
සහතික පත්‍ර ලත් සිසුන්ගෙන් බහුතරයක් මේ වන විටත් නිර්මාණශීලී සහ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ දේශීය හා ජාත්‍යන්තර වෘත්තීය ව්‍යාපෘති සඳහා සක්‍රීයව දායක වෙමින් රැකියාවල නියුතු වීම මෙම උත්සවයේ කැපී පෙනෙන විශේෂත්වයක් විය. ක්ෂේත්‍රයේ වත්මන් ඉල්ලුමට ගැළපෙන ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබා දීමට ඇකඩමිය දක්වන කැපවීම මෙයින් මනාව පිළිබිඹු වේ. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූවාය.
සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය සහ වේගයෙන් වර්ධනය වන ගෝලීය මාධ්‍ය හා විනෝදාස්වාද ක්ෂේත්‍රය අතර පවතින පරතරය අවම කිරීමේ දැක්ම පෙරදැරිව Mogo Media Academy ආරම්භ කරන ලදී. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මගපෙන්වීම යටතේ ජාත්‍යන්තර කථිකාචාර්ය මඩුල්ලක් විසින් මෙහෙයවනු ලබන පාඨමාලා හරහා, සිසුන්ට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව දැනුම හා කුසලතා ඔප්නැංවීමට අවස්ථාව සැලසේ. ශ්‍රී ලංකාවේ ඩිජිටල් නිර්මාණශීලී ආර්ථිකයේ වර්ධනයට දායක වෙමින්, ඉහළ කුසලතාවලින් හෙබි නවෝත්පාදකයින් සහ තාක්ෂණික වෘත්තිකයන් බිහි කිරීම ඇකඩමියේ අඛණ්ඩ අරමුණයි.
















