නාගරික අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරමින් ඔවුන් වඩාත් විධිමත් පරිසරයක නැවත පදිංචි කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් නව මූලික නිර්ණායක සහ ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාගැනීමේදී සහ පැල්පත්වාසීන් වෙනුවට විධිමත් නිවාස ලබාදීමේදී මින් ඉදිරියට මෙම නව ක්‍රමවේදය අනුගමනය කිරීමට නියමිතය.
මෙම නව ප්‍රතිපත්තිය සකස් කිරීමේදී හුදු නිවසක් ලබාදීමට පමණක් සීමා නොවී, අදාළ පවුල්වල සැබෑ අවශ්‍යතා, දරුවන්ගේ අධ්‍යාපන හා සෞඛ්‍ය ඇතුළු සුභසාධන කටයුතු මෙන්ම පදිංචිකරුවන්ට අවශ්‍ය පොදු සමාජීය පහසුකම් පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කිරීමට යෝජනා වී තිබේ. වඩාත් විනිවිදභාවයකින් යුතුව සකස් කෙරෙන මෙම නව නිර්ණායක මාලාව ඉදිරි කාලයේදී නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරගැනීමට සැලසුම් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නාගරික නිවාස අර්බුදයට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් රජය මෙම වසර තුළ පමණක් නව මහල් නිවාස ව්‍යාපෘති දෙකක් (02) මුළුමනින්ම නිම කිරීමට කටයුතු කරමින් සිටියි. එමෙන්ම ලබන වසරේදී තවත් සුවිශේෂී නිවාස ව්‍යාපෘතියක් අවසන් කර, උපරිම ජනතාවක් ඉතා කඩිනමින් සුරක්ෂිත මෙන්ම පහසුකම්වලින් සපිරි නිවාස තුළ නැවත පදිංචි කරවීමට පියවර ගන්නා බව ද රජය වැඩිදුරටත් සහතික කරයි.
















