රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන කාලසීමාව තුළ ඔහුට බරපතල ලෙස කෲර වධහිංසා පමුණුවා ඇති බව වෛද්‍ය වාර්තා මඟින් තහවුරු වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥවරයා සඳහන් කළේ, අදාළ වධහිංසා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා තුළින් පැහැදිලි කරුණු අනාවරණය වී ඇති බවයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව වෙත මෙන්ම ජනාධිපතිවරයා වෙත ද ඔහු අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
















