ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය හා විනිමය අනුපාත ප්‍රතිපත්තිය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මන්ත්‍රීවරුන් වෙත කරුණු පැහැදිලි කිරීම සිදු කළහ. රට තුළ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන ආකාරය, විනිමය අනුපාතයන්ගේ හැසිරීම, ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ රටේ සමස්ත ආර්ථික ප්‍රගතිය උදෙසා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේදී අදාළ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳව මන්ත්‍රීවරුන්ගේ අවබෝධය වැඩිදියුණු කිරීම මෙහි මූලික අරමුණ විය.















