පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට තමන් සම්බන්ධ නැතිනම් කිසිවෙකු හෝ බිය විය යුතු නැති බවත්, දන්නා තොරතුරක් ඇත්නම් ඉදිරිපත්වී විමර්ශනවලට සහය ලබා දිය යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරති. එසේ සහය නොදක්වන්නේ නම් ඔවුන් කෙරෙහි ද සැකයක් ඇති වන බව උන්වහන්සේ පවසති. පාස්කු ප්‍රහාරයෙන් බෝම්බ පිපිරීමට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත ගිය අවස්ථාවේදී කාදිනල් හිමියන් මේ බව කියා සිටියහ.
ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන ක්‍රියාවලිය හා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ කතාබහ මතු වෙමින් පවතින පසුබිමක කාදිනල් හිමියන් මෙම ප්‍රකාශය සිදු කර තිබේ. සත්‍යය යටපත් කිරීමට උත්සාහ නොකර, වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීමට සහ සාධාරණත්වය ඉටු කිරීමට සියලු දෙනා අවංකවම සහයෝගය දැක්විය යුතු බව ද උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් සිහිපත් කළහ.















