මළපහ පිළිබඳ සාම්ප්‍රදායිකව පවතින පිළිකුල් සහගත මතය වෙනස් කරමින් එය වර්ණවත්, විනෝදජනක සහ ඡායාරූපවලට නැගිය හැකි සංකල්පයක් ලෙස ඉදිරිපත් කරන ජපානයේ ප්‍රසිද්ධ ‘Unko Museum’ ජාලයේ අලුත්ම කෞතුකාගාරය යොකොහාමා නගරයේදී විවෘත කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
දීප්තිමත් වර්ණවලින් යුත් ප්ලාස්ටික් කොමඩ්, මළපහ හැඩැති මෘදු සෙල්ලම් බඩු සහ අන්තර්ක්‍රියාකාරී ක්‍රීඩා රැසකින් සමන්විත මෙම කෞතුකාගාරය දෙස් විදෙස් සංචාරකයන්ගේ සහ සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. ජපන් සංස්කෘතියේ පවතින ‘කවායි’ කලාව සහ හාස්‍ය මුසු සංකල්පයක් ලෙස නිර්මාණය කර ඇති මෙම ප්‍රදර්ශනාගාරය පවුලේ සැමට විනෝද විය හැකි අද්විතීය සංචාරක ආකර්ෂණයක් ලෙස සැල













