ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් විපක්ෂ මන්ත්‍රීවරයෙකු වැරදියට වටහාගෙන ඇති බව ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා පවසයි. රට තුළ මාස තුනකට ප්‍රමාණවත් ඉන්ධන පවතින බවට ජනාධිපතිවරයා ප්‍රකාශ නොකළ බවත්, ඔහු සඳහන් කළේ ඉදිරි මාස තුනක කාලය තුළ ඉන්ධන හිඟයක් පිළිබඳව බියක් ඇති කර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීම පමණක් බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.
පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මාලිමා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, විපක්ෂයේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ කතාව ‘කෝමා’ තත්ත්වයක සිට ඇසුවාදැයි සැක සහිත බවයි. ඉන්ධන පිළිබඳව ඉදිරි මාස 3ට බිය විය යුතු නැති බවත්, රටේ පවතින සංචිත පිළිබඳවත් ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබියදී විපක්ෂය එය විකෘති කරමින් අසත්‍ය ප්‍රචාර යවන බව ද රවීන්ද්‍ර බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.















