ඉන්දීය ගුවන් හමුදාවට අයත් AN-32 වර්ගයේ ප්රවාහන ගුවන් යානයක් ඇසෑම් ප්රාන්තයේ ජෝර්හාට් ගුවන් හමුදා කඳවුර අසලදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (13) දින යානය ජෝර්හාට් ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට උත්සාහ කරමින් සිටියදී මෙම ඛේදජනක සිද්ධිය වාර්තා විය. අනතුරින් යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ඉන්දීය ගුවන් හමුදාව මේ වන විටත් අනතුරට හේතුව සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
මීට මාස කිහිපයකට පෙර ද ඇසෑම් ප්රාන්තයේම සිදුවූ සුඛෝයි (Su-30MKI) ප්රහාරක යානා අනතුරකින් ගුවන් හමුදා නියමුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසු, කෙටි කාලයක් තුළ වාර්තා වූ දෙවන ගුවන් අනතුර මෙය වීම විශේෂත්වයකි.
















