ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් සඳහා රුපියල් 5,000ක මාසික දීමනාව ගෙවීම ආරම්භ කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) නිවේදනය කරයි.
එහි උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ මහතා සඳහන් කළේ, පසුගිය ජනවාරි මස සිට වලංගු වන පරිදි මෙම දීමනාව ලබා දීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව, සිසුන්ට හිඟ මුදල් ද සමඟ අදාළ දීමනාව ලබා දීමට කටයුතු කර තිබේ.
















