වසර 10කට පෙර එනම් 2016 වර්ෂයේදී රජය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් හරහා ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය, ආනයනය, විකිණීම සහ විකිණීමට ඉදිරිපත් කිරීම මුළුමනින්ම තහනම් කරන ලද දුම්කොළ අඩංගු ‘ඉලෙක්ට්‍රොනික් සිගරැට්ටු’ වර්තමානයේදී අන්තර්ජාලය සහ මාර්ගගත ක්‍රමවේද ඔස්සේ බහුලව අලෙවි වෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණය කර තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් දුම්කොළ මැඩලීමේ මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද විශේෂ ගවේෂණාත්මක පර්යේෂණයකදී, මෙරට තහනම සෘජුවම උල්ලංඝනය කරමින් පාරිභෝගිකයන් වෙත විවිධ ප්‍රභේදයන්ගෙන් යුතු ඉලෙක්ට්‍රොනික් සිගරට් නිෂ්පාදන අලෙවි කරනු ලබන රහසිගත වෙබ් අඩවි 213ක් සොයාගෙන ඇත.
වෛද්‍ය පීඨ පර්යේෂණ දත්තවලට අනුව, මෙම නීතිවිරෝධී වෙබ් අඩවි සහ අලෙවි මධ්‍යස්ථාන බොහොමයක් තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ ඉතා සූක්ෂ්ම ලෙස සිය ජාවාරම් ක්‍රියාත්මක කරමින් පවතින බව තහවුරු වී තිබේ. කොළඹ ජෙට්වින්ග් හෝටලයේදී පැවැති “දුම්කොළ වසංගතය ශ්‍රී ලංකාවෙන් තුරන් නොවීමට වගකිව යුත්තේ කවුරුන්ද” යන තේමාව යටතේ පැවැති විශේෂ මාධ්‍ය හමුව අමතමින්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ දුම්කොළ, මද්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපතිනි, විශේෂඥ කායික රෝග වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය මේ පිළිබඳව රජයේ සහ ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමු කළාය.
විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කර සිටින්නේ, මෙරට තරුණ පරපුර සහ දරුවන් බිහිසුණු ලෙස නිකොටින් සදහා ඇබ්බැහි කරවීමට එරෙහිව සටන් කිරීම සඳහා වර්තමානයේ පවතින පැරණි නීති රෙගුලාසි වහාම පුළුල් කළ යුතු බවයි. අන්තර්ජාලය හරහා සිදුවන මෙම මාරක ජාවාරම මුළුමනින්ම මර්දනය කිරීමට නම්, වසර 2016 දී නිකුත් කළ තහනම් දුම්කොළ නිෂ්පාදන රෙගුලාසි පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පවතින නීතිමය සිදුරු වසා දමා, නවීන තාක්ෂණික මෙවලම්වලට ගැළපෙන පරිදි නීතිය දැඩි ලෙස බලාත්මක කර ශක්තිමත් කළ යුතු බව ද ඇය රජයෙන්
















