පමුණුගම පොලිස් වසමට අයත් උස්වැටකෙයියාව වෙරළ තීරයට ඊයේ (ජූනි 13) දහවල් කාලයේදී නාඳුනන පිරිමි මෘත ශරීරයක් ගොඩගසා තිබේ. පොලිසියට ලැබුණු තොරතුරක් මත මේ වන විට විමර්ශන ආරම්භ කර ඇතත්, මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න තවමත් තහවුරු වී නොමැත.
මියගිය පුද්ගලයා අවුරුදු 40 – 45 ත් අතර වයසේ පසුවන අයෙකි. ඔහුගේ උස අඩි 05 යි අඟල් 03 ක් පමණ වන අතර කොණ්ඩය කොටට කපා ඇත. මෘත ශරීරය කොළ පැහැති ටී-ෂර්ටයක් සහ නිල් හා සුදු පැහැ මිශ්‍ර සරමක් හැඳ සිටිනු දක්නට ලැබේ.
මෘත ශරීරය දැනට රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පමුණුගම පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















