ඉරානය සහ එක්සත් ජනපදය අතර ඇති කරගෙන තිබෙන නව එකඟතාව සමඟ ලෙබනන පෙරමුණේ සටන්විරාමය ද සම්බන්ධ කිරීමට ඉරානය ඉදිරිපත් කළ ඉල්ලීම ඊශ්‍රායලය විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ. මේ සම්බන්ධයෙන් වොෂින්ටනයෙන් බලපෑම් එල්ල වුවද, තම ස්ථාවරය වෙනස් නොකරන බව ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය අවධාරණය කරයි.ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආරක්ෂක කැබිනට් මණ්ඩලය, ඉරාන ගිවිසුමෙන් ලෙබනන පෙරමුණ වෙන්කර තබා ගැනීමටත්, දකුණු ලෙබනනය තුළ ඊශ්‍රායල ආරක්ෂක බලකායේ රැඳී සිටීම අඛණ්ඩව පවත්වාගෙන යාමටත් ඒකමතිකව තීරණය කර ඇත. නව තීරණයට අනුව, ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනන් කලාපයේ රැඳී සිටිමින් තම මෙහෙයුම් දියත් කරනු ඇත. හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළහොත්, ලෙබනන භූමියේ අභ්‍යන්තරයටම ප්‍රහාර එල්ල කරමින් ඉතා දරුණු ප්‍රතිප්‍රහාර ලබාදෙන බවට ද කැබිනට් මණ්ඩලය අනතුරු අඟවයි.ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ විසින් යෝජනා කළ රාමුවකට අනුව, හිස්බුල්ලා සටන්කාමීන් ලිටානි ගඟෙන් ඔබ්බට පසුබැසීමට එකඟ වන්නේ නම්, ඊශ්‍රායල හමුදාව ඉවත් වන ප්‍රදේශවල ලෙබනන රජයේ නිල හමුදාවන් ස්ථානගත කිරීමට නියමිතය. එහෙත් එම එකඟතාව හිස්බුල්ලා සංවිධානය මගින් ඉටු නොකළහොත්, දකුණු ලෙබනනයේ ආරක්ෂක වගකීම ඊශ්‍රායල හමුදාව විසින්ම තවදුරටත් ඉටු කරනු ඇත.මේ අතර, බෙයිරූට් නුවර ‘දහියේ’ කලාපයට ප්‍රහාර එල්ල කිරීමට අග්‍රාමාත්‍යවරයා ගත් තීරණය හේතුවෙන්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තාවක් හටගෙන තිබේ. කෙසේ වෙතත්, උතුරු දේශසීමාවේ ආරක්ෂාව තහවුරු කරගැනීම තම ප්‍රමුඛතාව බවත්, එක්සත් ජනපද – ඉරාන ද්විපාර්ශ්වික ගිවිසුමේ අන්තර්ගතයන්ට මැදිහත් වීමේ අදහසක් ඊශ්‍රායලයට නොමැති බවත් රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍ර වැඩිදුරටත් සඳහන් කරයි.
















