ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති දේශපාලන සහ ආර්ථික අභියෝගවලින් රට මුදාගෙන, ආයෝජන දිනාගනිමින් රට ඉදිරියට රැගෙන යාම සඳහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සතු හැකියාව පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදහස් පළ කර තිබේ.
මහා පරිමාණයේ සංවර්ධන කටයුතු සිදු කරමින්, රටට අවශ්‍ය විදේශ විනිමය උත්පාදනය කරමින් රට සුඛිත මුදිත කිරීමට අවශ්‍ය දැක්ම ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට පමණක් බව ඇය අවධාරණය කරයි. අභියෝගාත්මක වත්මන් වටපිටාව තුළ රට නිවැරදි දිශාවට ගෙන යා හැකි නායකත්වයක් ඔහු සතුව පවතින බවත්, ජනතාව අපේක්ෂා කරන එම වෙනස සිදු කිරීමට ඔහුට හැකි බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.
















