පාසල් සිසුන් අතර තරබාරුකම ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි. පෝෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය පෙන්වා දෙන්නේ, විශේෂයෙන්ම වයස අවුරුදු 13 ත් 17 ත් අතර සිසුන් අතර මෙම තත්ත්වය බහුලව දක්නට ලැබෙන බවයි.
මෙම අහිතකර තත්ත්වයට ප්‍රධාන හේතුවක් ලෙස වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ එම වයස් කාණ්ඩයේ ළමුන්ගෙන් 17.4% ක් පමණ නිතර කාබනීකෘත පාන වර්ග (පැණි බීම) පරිභෝජනයට යොමු වී සිටීමයි.
මෙම සෞඛ්‍ය ගැටලුව පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පවත්වාගෙන යාම සඳහා වූ නව මාර්ගෝපදේශ මාලාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටී. පාසල් සිසුන්ගේ ශාරීරික සෞඛ්‍ය සහ පෝෂණ තත්ත්වය නංවාලීම සඳහා දෙමාපියන්, ගුරුවරුන් සහ පාසල් ආපනශාලා හිමියන්ගේ වගකීම මෙහිදී බෙහෙවින් වැදගත් වේ.
















