විශේෂ කාර්ය බලකායේ (STF) ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩහපොල, ජා-ඇල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. මොහු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 709ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 104ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙලෙස විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහු සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජා-ඇල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
















