ශ්‍රී ලංකාවේ අතිශය සංවේදී සහ පූජනීය පරිසර පද්ධතියක් වන ශ්‍රී පාදස්ථානය අනාගත පරපුර උදෙසා සුරක්ෂිතව දායාද කිරීමේ අරමුණින්, MAS සමූහයේ බොඩිලයින් (MAS Bodyline) ආයතනය විසින් තුන්වැනි වරටත් සංවිධානය කළ “ශ්‍රී පාදස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහන” පසුගිය මැයි 31 වැනිදා සාර්ථකව නිමාවට පත්විය.
ශ්‍රී පාද වන්දනා සමය අවසන් වූ දිනයේම දියත් කළ මෙම අභියෝගාත්මක මෙහෙයුම සඳහා MAS සමූහයේ සේවකයින් 1000කට අධික පිරිසක් සහභාගී වූහ. ඉහළ මළුවේ සිට නල්ලතන්නිය දක්වා ගමන් මාර්ගය සහ ඒ අවට පරිසරය පිරිසිදු කරමින්, ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු දිරාපත් නොවන අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5000ක් පමණ එකතු කර නිසි ලෙස බැහැර කිරීමට ඔවුන් කටයුතු කළහ.
මෙම සද්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා මහා සංඝරත්නය, යුදහමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලීසිය, සෞඛ්‍ය අංශ, ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් මෙන්ම මාධ්‍ය ආයතන ද ලබා දුන් සහයෝගය අතිමහත්ය. පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් ආයතනික සමාජ වගකීම ඉහළින්ම ඉටු කරන ආදර්ශමත් වැඩසටහනක් ලෙස මෙය කැපී පෙනේ.
















