දැනට රට තුළ බෙදාහරිමින් පවතින්නේ මැදපෙරදිග යුද සමයේදී ඉහළ මිලකට මිලදී ගත් ඉන්ධන තොග බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.
එම හේතුව නිසා වර්තමානයේ පවතින ඉන්ධන මිලෙහි කඩිනම් අඩු කිරීමක් සිදුකළ නොහැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.
කෙසේ වෙතත්, ඉදිරියේදී අඩු මිලට ආනයනය කරනු ලබන ඉන්ධන තොග සඳහා අනිවාර්යයෙන්ම පාරිභෝගික සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සහතික විය.
















