ශ්‍රී ලංකාව තුළ ඩෙංගු වසංගතය මේ වනවිට අපේක්ෂා නොකළ අන්දමින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දුන්නේ, රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන තුළ ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම ඉතා බරපතළ ලෙස වාර්තා වන බවයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරීන් කඩිනමින් මැදිහත් වීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළේය.
එවැනි පසුබිමක, ඩෙංගු රෝගය වළක්වා ගැනීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එමගින් රාජ්‍ය ආයතනවල සහ ආගමික ස්ථානවල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම සඳහා ගත යුතු පියවර සහ වගකීම් පැහැදිලිව දක්වා ඇත.
සියලුම ආයතන ප්‍රධානීන් සහ ආගමික නායකයින් මෙම නව චක්‍රලේඛයට අනුව කටයුතු කරමින්, තම පරිශ්‍රයන් ඩෙංගු මදුරුවන් බෝ නොවන ස්ථාන බවට පත් කිරීමට කටයුතු කළ යුතු බව බලධාරීන් සිහිපත් කරයි. ඉදිරියේදී සිදු කෙරෙන වැටලීම් සහ පරීක්ෂාවලදී නීති රීති උල්ලංඝනය කරන ආයතනවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට ද සිදුවනු ඇත.














