මාතර, තලල්ල මාර්ගයේ වජිර වංශ මාවත ප්‍රදේශයේදී අද (26) උදෑසන පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු රිය අනතුරක් සිදුව තිබේ.
අනතුරින් පුද්ගලයින් 40කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර ඔවුන් වහාම මාතර සහ බතීගම රෝහල් වෙත ඇතුළත් කර ඇත. ගාල්ල සිට අම්පාර බලා ධාවනය වූ බස් රථයක් සහ තංගල්ල සිට මාතර බලා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලීසිය පවසයි. අනතුර සිදුවූ ආකාරය පිළිබඳව මාතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















