මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ (REDA) සභාපති ඒ. එච්. ස්ටීවන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංග ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
2024 නොවැම්බර් 06 වනදා වසර තුනක කාලයක් සඳහා පත් කරනු ලැබූ ස්ටීවන් මහතාගේ ධුර කාලය අවසන් වීමට තවත් වසරකට වැඩි කාලයක් තිබියදී මෙලෙස ඉල්ලා අස්වීම විශේෂත්වයකි. නිශ්චිත හේතුවක් නොදක්වා අද (02) යොමු කළ ලිපිය මගින් ඔහු දන්වා ඇත්තේ එළඹෙන සැප්තැම්බර් 10 වනදායින් පසු තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි. සීමිත සම්පත් මැද ආයෝජන ව්‍යාපෘති රැසකට අඩිතාලම දැමූ බව පෙන්වා දෙන ඔහු, මෙලෙස කල්වේලා ඇතිව ඉල්ලා අස්වීමට සිදුවීම නිසා තමන් ඇරඹූ ව්‍යාපෘති ඉදිරියට කරගෙන යාම අඩාල විය හැකි බවට ද අදහස් පළ කර ඇත.













